නිසල මානස විලේ - සතුට කැළඹී ගිහින්,සිත් ඉවුර ඉරි තැලී - කඳුළු උතුරා ගිහින්..
දිනෙන් දින එකතු වී - කාලයත් දැන් ගිහින්,
ඉඳින් නුඹ මෙහි තැනූ - මතක විසිරී ගිහින්..
හැමදාම ඔබ කලේ - නොවටිනා රැවටුම්,
අහිමි විය මට මගේ - තුරුණු විය ඉරණම්..
ඇසෙන පෙනෙනා ඉමක - නොරැඳෙමින් තව තවත්,
රවටමින් නොසිට තව - ඔබ සොයාගෙන යන්න..
ඇය සිටී ඉවසමින් - මසිත ඇත පොබයමින්,
මම දකිමි ඇය තුලින් - මතු දිනක එළඹෙමින්..
චන්ද්රකුමාර ගුණතිලක
24 ජූලි 16





