රැල්ල

    රැල්ල, රැල්ල තියෙන්නේ මහ සයුරේ. මහ සයුරේ, මහ රළපෙල  ගැන ලියා ඇති සාහිත්‍ය ගද්‍ය/පද්‍ය රචනා දහස් ගණනක් තියෙනවා. ඒත් මම 'රැල්ල' විදිහට මාතෘකා කරගත්තේ 'නව රැල්ල'. නව රැල්ල ඇතුලේ කැරකෙන රැලි ගොඩක් තියෙනවා. ඡන්ද කාලෙට 'ජන රැල්ල', කාන්තා දිනයට 'කාන්තා රැල්ල', උසස් පෙලින් පස්සේ අයි.ටී. රැල්ල, ස්මාර්ට්ෆෝන් රැල්ල, ක්ෂණික නූඩ්ලස් 'දයියා' රැල්ල ආදී වශයෙන් මෙකී නොකී රැලි කීයක් ගැන න්ම් අපට අහන්න ලැබෙනවද?.
    හැම දෙයකම අගට 'රැල්ල' කියලා දාගත්තම ඒක ලංකාවේ රැල්ලක් බවට නිරයාසයෙන්ම පත් වෙනවා. නවතාවයක්, නවමු බවක් හෝ නව ප්‍රවණතාවයක් වුනත් නොවුනත් තිබුනත් නැතත් ලංකාවේ රැල්ලක් වෙන එක ඒ තරම් අමාරු දෙයක් නම් නොවෙයි. අවධානයට ගත යුත්තේ රැල්ලේ ප්‍රථිඵල ගැන. ඒවා සමාජයේ ප්‍රගමනයට කොතරම් දුරට උපයෝගී වෙනවද නැත්ද කියන එක ගැන. ලංකාවේ අද ඇතිවෙලා තියෙන රැලි කීපයක සාමාජීය උපයෝගීතාවය ගැන එකින් එක සබුද්ධිකව විමසා බැලීමට පුංචි ආරම්භයක් තමයි මේ.
    මහ සයුරු රැල්ලේ ගසාගෙන යනකොට නම් දැනෙනවා, ගසාගෙන යනවා කියලා. නමුත් මේ කතා කරන රැලි වල ගසාගෙන යනකොට දැනෙන්නේ එහෙමත් අවධානයකින් කටයුතු කලොත් විතරයි. නොදැනීම ගසාගෙන ගිහින් හොඳ තැනකට ගියොත් හොඳයි. නරක අතකට ගියොත් විනාසයි.

No comments:

Post a Comment