Tuesday, December 15, 2015

සඳ සිනාසෙන,
ඈත අහසේ,
තරු රටා මැද,
මතක විසිරෙයි...

කල්පනා ලොව,
විසුළ සඳ දිය,
සිසිල තැවරූ,
සිහිනයක්මයි...

ගෙවි ගෙවී යන,
මොහොතකින් තව,
විහඟ මිහිරෙන්,
දවස එළිවෙයි...

කදුළු පොබයන,
අඳුර සැඟවෙන,
අතීතයකට,
මසිත උරුමයි....


චන්ද්‍රකුමාර ගුණතිලක
05/12/2015


 

No comments:

Post a Comment