අරගල


//// "අපේ ආත්තම්මා කීවේ ඔය ගස්ගෙඩි කඩන උන්ගේ පවුල්වල උන් ඔය දොස්තරල ඉංජිනේරුවො වුණාම තමයි ඔය හැම ප්‍රශ්නෙම..නැතුව වැදගත් රස්සාවල් කරපු යමක් කමක් තීන දෙමාපියන්ගෙ ළමයි ඔය තනතුරු අරං කවදාවත් යකා නටලා නෑ කියල..." ///// -  (උපුටා ගැනීම/ෆේස්බුක්: මනෝරම වීරසිංහ)

//// "මගේ නම් යෝජනාව වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට පෙර අම්මා තාත්තාගේ සමාජ පසුබිම පළමුව සෙවිය යුතුය යන්නයි. ලකුණු මට්ටම් බැලිය යුත්තේ දෙවනුවයි..." //// (උපුටා ගැනීම/ෆේස්බුක්: Yasanath Dhammika Bandara)

සමාජ පසුබිම, කුලය, පංතිය වගේ දේවල් පදනම් කරගෙන ලියලා තියෙන හින්දා මට මේ ටික කියන්න හිතුනේ. එකඟ නම් එහෙමයි, නැත්නම් සංවාදයට විවෘතයි.

ඔය වාහන බල පත්‍රයෙන්ම රාජ්‍ය සේවයත් පංති වලට, කුල වලට බෙදලානේ තියෙන්නේ. රාජ්‍ය සේවයේ ඉහල කුලයට, ඉහල පංතියට, රතු පාට ඉරක් තියෙන අංක තහඩු සමඟ බදු රහිත වාහන. වැඩි වැටුප්, වැඩි වරප්‍රසාද ලබන දුප්පත් කම හින්දා, වාහනයක් ගන්න තියෙන අමාරුව හින්දා, බදු වලින් නිදහස් වාහයක් ගන්න අවස්ථාව දීල තියෙනවා. අවශ්‍යනම් වාහනයක් නොගෙනම ඔය බලපත්‍රය අවුරුදු පහෙන් පහට අරගෙන විකුණාගන්නත් පුළුවන්නේ, මේ දුප්පත් ඉහල රජයේ සේවකයන්ට.
අනෙක් සාමාන්‍ය රජයේ සේවකයා (ගුරුවරයා, ලිපිකරුවා, තැපැල් කරුවා, ග්‍රාම නිළධාරියා, හෙද නිළධාරියා, පොලිස් කාරයා, හමුදා කාරයා ආදී වශයෙන් මෙකී නොකී) ඔය බලපත්‍රය හෝ විශේෂ විධායක දීමනා හෝ වෘත්තීය දීමනා නොලබාම විශ්‍රාම යනවනේ. මේ සාමාන්‍ය රජයේ සේවකයෝ "කාරයෝ" වෙච්ච නිසාම වාහන ගන්න තියා නිකම් ඇහුවත් කියයි, "කාරයොන්ට මොන ඩියුටි ෆ්‍රීද යකෝ" කියලා. මුළු ජීවිතේම කට්ට කාලත් මරුටියක් ගනී ඕනෙ නම්. ඒකත් ලීසිං කරලා. ඒ මේ අය ගොඩාක් පෝසත් හින්දානේ. දැන් ඒකත් නැහැ අලුත් බදු වලින් පස්සේ.
ඔය කියන පංති බෙදිල්ල, පංඟු බෙදිල්ල රජයේ සේවයේ තියෙන හින්දානේ එහෙම වෙලා තියෙන්නේ. අනේ දුප්පත් ඉහල පංතියේ මහත්තුරුන්ට හිතෙන්නේ නැහැනේ, ඔය කියපු පෝසත් පහල පංතියේ සේවකයා විශ්‍රාම යනකොට හරි, අවුරුදු පහෙන් පහට නෙවේ, ජීවිත කාලෙටම එකක් විදිහට එක බලපත්‍රයක් හරි දීපංකෝ කියලත් කියන්න.
ලෙඩ්ඩුන්ට බෙහෙත් නොදී හිටියම ආණ්ඩුව බය වෙලා ඉල්ලීම් දෙනවනේ දොස්තර මහත්තුරුන්ට. ඔය වාහන බලපත්‍රයට සාමාන්‍ය පහල පාංතික පෝසත් රජයේ සේවකයා උද්ඝෝෂණය කලා නම් ඉතින්, ජීවිත කාලෙටම එක බදුරහිත වාහනයක් කෙසේ වෙතත්, ජීවිත කාලෙටම මතක හිටින්න කදුළු ගෑස් කාලා, ගුටි කාලා සමහර විට රස්සාව.. ඒකත් නැති වෙලා.
ඔන්න ඕක තමයි ඔය කියන මහා ලොකු අරගලය.

No comments:

Post a Comment