නෙතක පොත
එකින් එක පිය ගැටුනු ගමනේ,
මතක මං පෙත හඹාගෙන විත්,
අනේ මතකද කියා අසනා,
ඉතිං කොහොමද රූප සොබනා...
ඇතුවමත් නැති නැතුවමත් ඇති,
පිටු එකින් එක නොපිරුණත් සිත,
ඔහේ යන්නට ගෙවෙන දවසට,
කාගෙ කාගෙත් කියන වත ගොත...
තැනක පිපි මල් නොතැන මියදෙන,
නෙතක කඳුළැලි සැනෙක වියලෙන,
කාත් කවිරුත් නොමැති සිටියත්,
සැවොම පෙරලති සොයා කිසිවක්...
© චන්ද්‍රකුමාර ගුණතිලක
10/23/2015
No comments:
Post a Comment