Saturday, July 23, 2016

නිසල මානස විලේ - සතුට කැළඹී ගිහින්,
සිත් ඉවුර ඉරි තැලී - කඳුළු උතුරා ගිහින්..

දිනෙන් දින එකතු වී - කාලයත් දැන් ගිහින්,
ඉඳින් නුඹ මෙහි තැනූ - මතක විසිරී ගිහින්..

හැමදාම ඔබ කලේ - නොවටිනා රැවටුම්,
අහිමි විය මට මගේ - තුරුණු විය ඉරණම්..

ඇසෙන පෙනෙනා ඉමක - නොරැඳෙමින් තව තවත්,
රවටමින් නොසිට තව - ඔබ සොයාගෙන යන්න..

ඇය සිටී ඉවසමින් - මසිත ඇත පොබයමින්,
මම දකිමි ඇය තුලින් - මතු දිනක එළඹෙමින්..
චන්ද්‍රකුමාර ගුණතිලක
24 ජූලි 16









විකසිතව ඇතිනම්
පොපියනා මනරම්
විසුල මල් පෙතිමෙන්

සිසිලසයි සිත සඳුන්..

---------------------------
චන්ද්‍රකුමාර ගුණතිලක
23 ජුලි 2016

Tuesday, March 1, 2016

මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ..
තාරුකා කියන්නකෝ නිදන්නේ ඈ කොහේ..
ආදරය කලත්, ආදරය තිබුනත් හදවතේ විතරක්ම,
ඒක ඇයට නොලැබුනාම, නොදැනුනාම... ජීවිතේ කඩතොළු, වේදනා ඇතිවෙනවා.
ඒත් ඒ තිබුනු ආදරේ අව්‍යාජ නම්, අළුතෙන්ම පටන් ගන්න පුළුවන්ද? හරියට කළු වළාකුළු වලින් මුවාකල සඳ ආපහු පැහැදිලි වෙනවා වගේ...

Tuesday, February 23, 2016



හිරු නැති දිනක සඳ එලියද ලොව නොමැති,
සඳ ලෙළ දිදී රෑ අහසේ දිලෙනු නැති,
දිවි ඇතිතුරා බැඳි දෙහදක පැතුම බැති,
සිටි අපි පුරාගෙන දුක්ගිනි දුකම ඇති....

තුරු වැල අතර නෙක විකසිත මැණික් වෙති,
අරුමය කිමැයි පිණිකැට මේ කඳුළු බොති,
තරු කොහෙ ගියාදෝ සිටි-වට පිරිවරක මැති,
මියැදෙමි සොඳුර අහිමිව නුඹෙ සුවඳ සති....

- චන්ද්‍රකුමාර ගුණතිලක

Sunday, February 21, 2016


සිතක පිපි මල් - සුවඳ අරගෙන,
එන්න ආයෙම - පුරමු සෙනෙහස,
වසා කඩතොලු - දෙන්න මට ඉඩ,
සෙනෙහෙ පිවිතුරු - සදෙව් ලොවකට..
රැගෙන යන්නට - ඒ අතීතෙට,
ඇරඹුමක් හෙට..........

චන්ද්‍රකුමාර ගුණතිලක
21/02/2016

Tuesday, December 15, 2015

සඳ සිනාසෙන,
ඈත අහසේ,
තරු රටා මැද,
මතක විසිරෙයි...

කල්පනා ලොව,
විසුළ සඳ දිය,
සිසිල තැවරූ,
සිහිනයක්මයි...

ගෙවි ගෙවී යන,
මොහොතකින් තව,
විහඟ මිහිරෙන්,
දවස එළිවෙයි...

කදුළු පොබයන,
අඳුර සැඟවෙන,
අතීතයකට,
මසිත උරුමයි....


චන්ද්‍රකුමාර ගුණතිලක
05/12/2015